SUJATHA ATTANAYAKE Wiki
Advertisement

SUJATHA ATTA61
DHIVI MAGA SALAKUNU
[]

සුජාතා අත්තනායක දිවි මඟ සලකුණු


 1942 සොයුරු සොයුරියෝ පස්‌ දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා ලෙස ජන්ම ලාභය ලැබීම.


පියා - පොලිස්‌ සැරයන් එම්. එම්. ඩී. පෙරේරා

මව - ටවර් හෝල් නිළි - ගායිකා විමලාකාන්තා

1947 - කැලණිය වෙදමුල්ල මහ විදුහලින් සිප් සතර හැදෑරිම.

1950 - ඔක්‌. 05 දින ගුවන්විදුලියේ කොළඹ සේවයේ විචිත්‍රාංගය වැඩසටහනට මල් සේ දිලේවා මුල්ම ගීතය ගැයීම සහ සජීවී ලෙස ප්‍රචාරය වීම.

පදරචනය - සිසිර කුමාර මානික්‌කආරච්චි සංගීත රචනය - ඒ. ඡේ. කරීම්                                    

1954 - ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ආධුනික පැය වැඩ සටහනට ගී ගයා ප්‍රථම ස්‌ථානය ලබා ගැනීම. අනතුරුව ජයග්‍රාහක පෙළපාලිය වැඩ සටහනට තැටිගත කිරීමක්‌ සඳහා මුල්ම ගීතය ගැයීම. ගීතය - සාධු දන්ත දා

පද රචනය චන්ද්‍රසේන වීරසේකර (ගිල්බට්‌ මාස්‌ටර්)                         

SUJATHA ATTA62

1956 - චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසීම.

චිත්‍රපටය - සොහොයුරෝ නිෂ්පාදනය - එස්‌. එම්. නායගම් ගීතය - සුරතල් මගෙ පොඩි මුව පැටියා පද රචනය - ඩබ්ලිව් බෙනඩික්‌ ප්‍රනාන්දු සංගීතය රචනය - ආර්. මුත්තුසාමි

1958 - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවෙන් ඉන්දියාවට විසුරුවා හරිනු ලැබූ බාල් සඛා වැඩ සටහනට සිංහල ගායිකාවක ලෙස මුල්ම හින්දි ගීතය ගැයීම. ගීතය - චල්තේ චලෝ බඩ්තේ චලෝ පද රචනය - ශිව කුමාර් සරෝඡ් සංගීත රචනය - විමල් ඡේ.ශ්‍රියාරත්න

1959 - ගුවන්විදුලි සංගීත පරීක්‍ෂණයේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියක ලෙස සමත් වීම.

1965 - වසරේ හොඳම ගායන ශිල්පිනිය ලෙස ස්‌වර්ණ සංඛ සම්මානයෙන් පිදුම් ලැබීම.

ගීතය - දුක එක එක පෙරළීලා - චිත්‍රපටය යටගිය දවස"  පද රචනය - කරුණාරත්න අබේසේකර සංගීත රචනය - ආර්. මුත්තුසාමි

1966 - රජයේ සෞන්දර්ය විද්‍යාපීඨයෙන් ගායනය සහ සිතාර් වාදනය සඳහා විශාරද උපාධි ලැබීම.

1966 - වර්ෂයේ හොඳම ගායිකාව ලෙස ස්‌වර්ණ සංඛ සම්මානයෙන් පිදුම් ලැබීම. චිත්‍රපටය - පරසතුමල් ගීතය - පරවුනු මල්වල සුවඳ අතීතේ පද රචනය - මහගම සේකර සංගීතය රචනය - ලයනල් අල්ගම -නිෂ්පාදක-චිතා්‍ර බාලසූරිය

1967 - 1966 වර්ෂයේ හොඳම ගායිකාව ලෙස පරසතුමල් චිත්‍රපටයේ පරවුනු මල් වල සුවඳ අතීයේ ගීතය වෙනුවෙන් සරසවි සම්මානයෙන් පිදුම් ලැබීම.

1968 - නවරත්න අත්තනායක මහතා සමග යුග දිවියට පිවිසීම. හේලි අත්තනායක පුතුගේ උපත ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඵලාන් ගීත ධාරා වැඩ සටහනින් හොඳම ගායිකාව ලෙස තේරීම. ගීතය - හද මල් පඳුරේ පද රචනය - කරුණාරත්න අබේසේකර සංගීතය රචනය - එම්. කේ. රොක්‌සාමි

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ සරල ගී පරීක්‍ෂණයෙන් ඒ ශ්‍රේණියේ ශිල්පිනියක ලෙස සමත්වීම.

1969 - චානක සංජීව පුතුගේ උපත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ ශාස්‌ත්‍රීය ගායනා සංගීත පරීක්‍ෂණයෙන් "ඒ" ශ්‍රේණියේ ශිල්පිනියක ලෙස සමත්වීම.

1970 - සමීන් අත්තනායක පුතුගේ උපත 

1971 - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ ද්‍රවිඩ ගී පරීක්‍ෂණයෙන් විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙස සමත්වීම. සිංහල බෞද්ධ ගායිකාවක්‌ ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ ඉස්‌ලාමීය ගීතයක්‌ ගැයීම.

1972 - කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ සංගීත කථිකාචාර්යවරියක ලෙස රාජ්‍ය සේවයට අවතීර්ණ වීම.

1972 - වසරේ හොඳම ගායිකා කුමරතුඟ සමරු සම්මානයෙන් පුද ලැබීම. ගීතය - පුංචි දවස්‌වල නින්දට යද්දී පද රචනය - අජන්තා රණසිංහ සංගීත රචනය - සරත් දසනායක

1974 - වර්ෂයේ හොඳම ගායිකාව ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබීම. චිත්‍රපටය - කල්‍යාණීය ගංගා ගීතය - පුතුගේ මේ අහගන්න පුතුගේ පද රචනය - කරුණාරත්න අබේසේකර සංගීත රචනය - පී. එල්. ඒ. සෝමපාල

1974 - "ඇසි මිහිර" ඒක පුද්ගල ගී ප්‍රසංගය නව රඟ හළේදී පැවැත්වීම. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙස තේරීම.

1975 - චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසීම. චිත්‍රපටය - හරියට හරි. අධ්‍යක්‍ෂණය - විලියම් ඔලම්ස්‌

1979 - ඉන්දියාවෙන් පැමිණි දීපාල් නාග් මහත්මිය හමුවේ පැවැති ශිල්පී වර්ගීකරණයේදී විශිෂ්ට ශේ්‍රණියේ සරල ගී ශිල්පීන් 18 දෙනා අතරට තේරී නැවත තම ස්‌ථාවරය රැක ගැනීම.

1980 - නේපාලයේ බිරේන්ද්‍ර රජු හා විමිලා දේවිය ශ්‍රී ලංකාවට සැපත් වූ දින ජනාධිපති මැඳුරේ පැවැත් වූ රාත්‍රි භෝජන සංග්‍රහයේදී "ශුභ කාම්නා" නැමැති නේපාල ගීතය ගායනා කිරීම.

සංගීතය - ප්‍රේමලාල් දන්වත්ත මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්‌ඩායම. ආසියා හින්දි සේවයට නේපාලි ගීතයක්‌ ගැයූ ප්‍රථම සිංහල ගායිකාව වීම. ගීතය - නසෝධ මලායී මේරා කථාහ පද රචනය - නේපාලි ජාතික චන්ද්‍රd දුං ගේල් සංගීත රචනය - ඩී. ඩී. ගුණසේන.

1985 - සාක්‌ සමුළුව වෙනුවෙන් ශ්‍රී ලාංකික සංස්‌කෘතික දූත පිරිස නියෝජනය කරමින් බංග්ලාදේශය බලා නික්‌ම යැම.

1988 - අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන නිලධාරිනියක ලෙස උසස්‌වීමක්‌ ලැබීම.

1989 - පස්‌වන සමස්‌ත ඉන්දීය - රාමායන සම්මේලනය සඳහා එරටින් ලද ආරාධනයකට පිටත්ව යැම.

නේපාලයේ ජනක්‌පූර්හි පැවැති භජන් ගායනා සන්ධ්‍යාවකට සිය ආචාර්යවරයකු වන සංගීත් නිපුන් පී. වී. නන්දසිරි මහතා සමග සහභාගි වීම.

ඉන්දියාවේ නාග්පූර් නගරයේ බුද්ධ භූමියට ආධාර පිණිස "සුජාතා ගී ප්‍රසංගය" සඳහා සිය නැගණිය රංජනී පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ පුතු හේලි අත්තනායක සමග සහභාගි වීම. (නාග්පූර්හි

SUJATHA ATTA65

උසස්‌ බාලිකා විද්‍යාලයීය ශාලාවේදී)

1990 - දෙවන වරටද නාග්පූර් බුද්ධ භූමියට ආධාර පිණිස "සුජාතා ස්‌වර සංගීත් ප්‍රසංගය" පැවැත්වීම. ගායන සහාය - රංජනී පෙරේරා, ඩී. ඩී. ගුණසේන. ප්‍රභාකර් ධාකඩේ මරායී සංගීත අධ්‍යක්‍ෂවරයාට ඩී. ඩී. ගුණසේන සහ හේලි අත්තනායක වාදනයෙන් සහාය වීම.

1990 - ඉතාලියේ සිංහල සංවිධානයේ ආරාධනයෙන් "සුජාතා ගී ප්‍රසංගය" පැවැත්වීම සඳහා පිටත්ව යැම.

1991 - ප්‍රසංග චාරිකාවක්‌ සඳහා ප්‍රංශයේ මානව සුබසාධක සංවිධානයේ ආරාධනය ලැබ ප්‍රංශයේ දී "සුජාතා ගී" ප්‍රසංගය පැවැත්වීම.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවක ලෙස පත්වීම ලැබීම.

1992 - ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි බ්‍රිස්‌බේන් සහ මෙල්බර්න් නගරවල "සුජාතා ගී ප්‍රසංගය" පැවැත්වීම. යාපනය අර්ධද්වීපයේ දී සිය දෙටු පුත් කපිතාන් චානක අත්තනායක ජාතිය වෙනුවෙන් දිවි පිදීම.

SUJATHA ATTA66

CAPTAIN CHANAKA SANJEEWA ATTANAYAKE

1993 සැප්. 29 දින රණ බිමේදී දිවි පිදූ සිය පුත් චානක සංජීව අත්තනායක සහ තවත් දහසක්‌ රණ බිම දිවි පිදූ පුතුන් වෙනුවෙන් "වියෝ ගී" කැසට්‌ පටය නිකුත් කිරීම. කැසට්‌ පටය - "යුද බිම කඳුළක්‌"

ද්‍රවිඩ ඒක පුද්ගල ගී ප්‍රසංගය "ස්‌වරම්" නමින් බම්බලපිටියේ කදිරේශන් ශාලාවේ පැවැත්වීම සහ ඉස්‌ලාම් ගී ප්‍රසංගයක්‌ මරදාන ටවර් රඟහලේ දී පැවැත්වීම "ඉලම්පිරෙයි ගීතන්ගල්" නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයකි. 

සකස්‌ කළේ - නාරද නිශ්ශංක

SUJATHA ATTA64
Advertisement